Friday, September 22, 2017

අනුන්ව ආහාරයට ගන්න එක පෞද්ගලික තීරණයක්ද​?

අනුන්ව කනවද නැද්ද යනු පෞද්ගලික තීරණයක් නොවේ. ඔබේ තීරණවලින් අනුන්ට හානි වෙනවානම් ඒ ගැන කතා කරන්න ලොවට අයිතිය ඇත. ඔබ මස් හා සත්ව නිෂ්පාදන මිලදී ගන්නවා කියන්නේ සතුන් මරණ, ලෝකය විනාශ කරන සමාගම්වලට මුදල් ගෙවා දායක වෙනවා කියන එක. එපමණක් නොව, එම සමාගම් නිසා මිනිසුන්ටද හානි වේ- මොකද සමාජයේ සෞඛ්‍යය කඩා වැටීම, දුප්පත් මිනිසුන්ට කන්න තියන ධාන්‍ය ගොවිපළ සතුන් ඇති කර, මස්වලට මහත් කරන්න යොදා ගැනීම, පරිසර දූෂණය වැනි කරුණු. එවැනි අහිතකර ප්‍රතිවිපාක ඇති කරන, අනුන්ගේ දරුණු ඝාතනයට සහය පාන, මුදල් ගෙවන ඔබේ තීරණවලට අන් අයගේ නිහඬ ගෞරවය බලාපොරොත්තු නොවන්න.

Whether you eat others or not is not a matter of personal choice. If your choices cause harm to others and the world we share together, then others have a right to condemn it and ask you to change your ways. If you choose to buy meat and animal products, you are funding and supporting horrible companies to kill others and destroy this planet. Not only that; those companies cause harm to people and communities too, given that health declines, poor people starve since their grain is sold to fatten up animals for meat and then environmental pollution. When your "personal choice" causes such harsh negative consequences, funds killing and has victims, do not expect others to be silent about it or respect such a choice.