Thursday, February 2, 2017

ශාක ගැන හිතන්නේ නැද්ද​?

ශාකවලට ජීවය ඇත​. නමුත් මොළ​, ස්නායු නැති බැවින් ශාකවලට සිතිය නොහැක​, වේදනාව නොදැනේ. හතු, බැක්ටීරියාවලටද ජීවය ඇති නමුත් දැනීම නැත​. මේ නිසා තමයි මිනිස් අයිතිවාසිකම් හා සත්ව අයිතිවාසිකම් ඇති නමුත් ශාක අයිතිවාසිකම් යන්නක් නැත්තේ. තවද​, වැඩියෙන්ම "ශාක ඝාතනය" සිදු වන්නේ මස්, කිරි හා බිත්තර කර්මාන්ත නිසා. ලොව ධාන්‍යවලින් 40%ක් (දියුණු රටවල 70%ක්) ගොවිපළ සතුන්ට ආහාර ලෙස යොදා ගැනේ. ඇමසන් වනාන්තරයේ වන විනාශයෙන් 91%කටද වග කිව යුත්තේ මේවාය​. එම නිසා, කොයි ආකාරයෙන් බැලුවත්, අපි වීගන් විය යුතුයි. 

Plants have life. However, they do not have brains or nerves so plants are incapable of thinking or feeling pain. Fungus and bacteria also have life but do not have sentience either. Sentience only lies in the animal kingdom. That is why we have human rights and animal rights, but no plant rights. Furthermore, the most amount of "plant killing" happen due to the meat, dairy and egg industries. 40% of the world's grain (70% in developed countries) are fed to farm animals. Animal agriculture is also responsible for 91% of Amazon destruction. So however way you look at it, we need to go vegan.